fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චන්ද්‍රයාන් 03 රෝවරයෙන් තවමත් සංඥාවක් නැහැ

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 23, 2023 10:22

චන්ද්‍රයාන් 03 රෝවරයෙන් තවමත් සංඥාවක් නැහැ

චන්ද්‍රයාන් 03 රෝවරයෙන් තවමත් සංඥාවක් නොලැබුණු බව ඉන්දීය අභ්‍යවකාශ ඒජන්සිය සඳහන් කරනවා.

සඳමත ගොඩබෑමෙන් පසු චන්ද්‍රයාන් 03 යානාවේ ප්‍රග්‍යාන් රෝවරය බැටරි ආරෝපනය නොමැති වීමෙන් අක්‍රි වුණා.

ඉන්දියාවේ අභ්‍යවකාශ ඒජන්සිය ඉස්රෝ සඳහන් කරන්නේ දින 14ක් ගත වූ  පසු නව චන්ද්‍ර දිනය ආරම්භ වන විට එය ආරෝපනය වී යළි සක්‍රිය තත්ත්වයට පත් වන බවයි.

එහෙත් සඳ ලෑන්ඩරය වන විකුම් හා රෝවරය වන ප්‍රග්‍යාන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද මෙතෙක් ඒවායින් කිසිදු සංඥාවක් ලැබී නැති බවයි වාර්තා වන්නේ.

විකුම් ලෑන්ඩරය පසුගිය අගෝස්තු මාසයේදී චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවයට ගොඩබෑ අතර චන්ද්‍රයාගේ දත්ත සහ රූප එක්රැස් කිරීමට සති දෙකක කාලයක් ගත කළා.

පසුව රෝවරය නිද්‍රා තත්ත්වයට පත් කිරීමටයි කටයුතු කෙරුණේ.

පසුගිය 22 වනදායින් පසු සූර්යාලෝකය ලැබීමත් සමඟ බැටරි යලි ආරෝපනය කර ප්‍රග්යාන් සක්‍රියවනු ඇතැයි ඉන්දියාව අපේක්ෂා කළා.

කෙසේ වුවද චන්ද්‍රයා මත රාත්‍රී කාලයේ පවතින අධික සීතල හේතුවෙන් බැටරිවලට හානි සිදුවූයේ ද යන්න පිළිබඳ සැකයක් පවතිනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 23, 2023 10:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්