පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
Related Articles
පස් කන්දක් කඩා වැටීමෙන් දංඕවිට ප්‍රදේශයේදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා.
දංඕවිට හැලගල ප්‍රදේශයේ අඩි 15 ක් පමණ උස පස්කන්දක් මෙසේ කඩා වැටී තිබෙනවා.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ 57 හැවිරිදි පුද්ගලයෙක්.
කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ හෝටලයක් අසල පිහිටි මෙම පස් කන්ද දින කිහිපයක සිට සංවර්ධන කටයුත්තක් සඳහා කපා ඇති බවයි වාර්තා වන්නේ.
වර්ෂාව අතරේ අද දිනයේද පුද්ගලයන් 05 දෙනෙකු පස් කැපීමේ නිරතව සිටියදී එය කඩා වැටී තිබෙනවා.
පස් කන්දට යට වූ පුද්ගලයා කඩිනමින් රෝහල් ගත කළ ද ඔහු මිය ගියා.