යුක්රේනයට දිගු දුර මිසයිල ලබාදීමට ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඇමෙරිකා ජනාධිපතිවරයාගේ තීරණයට අනුව කිලෝමීටර් 300 ක් දුර ගමන් කළ හැකි මිසයිල කිහිපයක් යුක්රේනයට ලැබීමට නියමිතයි.
එම මිසයිල වලට රුසියාවේ ඉලක්ක කරා පහසුවෙන් පහර දිය හැකි තත්ත්වයකුයි පවතින්නේ.
එමෙන්ම යුක්රේනය මිසයිලයක් යොදා ගනිමින් ඊයේ දිනයේ රුසියාවේ යාත්‍රා බලඇණියක මූලස්ථානයකට පහර දී තිබෙනවා.
ප්‍රංශය හා බ්‍රිතාන්‍ය සැපයූ මිසයිල භාවිත කරමින් රුසියාවේ වරායකට මෙසේ පහර දුන් බවයි යුක්රේනය සඳහන් කරන්නේ.
ඇමෙරිකා හා යුක්රේන ජනාධිපතිවරුන් පසුගියදා ධවල මන්දිරයේ දී සාකච්ඡාවකද නිරත වුණා.
එහිදී මිසයිල ලබා ගැනීම පිළිබඳ අවධානය යොමු වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.