fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොහොර සහනාධාරය අවශ්‍ය නැත්නම් එම මුදල් වී මිල දී ගැනීම සඳහා යෙදවිය හැකියි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 23, 2023 09:45

පොහොර සහනාධාරය අවශ්‍ය නැත්නම් එම මුදල් වී මිල දී ගැනීම සඳහා යෙදවිය හැකියි

පොහොර මිල දී ගැනීම සඳහා රජය ලබා දෙන මුදල් සහනාධාරය අවශ්‍ය නොමැති බවට සියලුම ගොවි සංවිධාන ප්‍රකාශ කරන්නේ නම් එම මුදල් වී මිල දී ගැනීම සඳහා යෙදවිය හැකි බව කෘෂිකර්ම අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා රජය විසින් පොහොර මිල දී ගැනීම සඳහා රජය විසින් ඉදිරි මහ කන්නයේ දී පොහොර සහනාධාරය වශයෙන් ගොවි ජනතාවට පොහොර මිල දී ගැනීම සඳහා රුපියල් මිලියන 12,000ක මුදලක් වෙන් කර තිබෙනවා.

ඒ අනුව හෙක්ටෙයාර් එකකට රුපියල් 15,000ක් වශයෙන් ගොවි ගිණුම්වලටම මුදල් ලබා දීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා.

නමුත් ශ්‍රී ලංකා ජාතික ඒකාබද්ධ ගොවි බල මණ්ඩල සංගමය සමඟ පැවැති සාකච්ඡාවේ දී  ගොවි ජනතාවට රජය විසින්  ලබා දෙන සහනාධාර අනවශ්‍ය බවත්, ගොවි ජනතාවට අවශ්‍ය වන්නේ තම නිෂ්පාදන සඳහා ඉහළ මිලක් ලබා දීම බවත් එම සංගමය අවධාරණය කළා.

එම නිසා පොහොර සහනාධාරය වශයෙන් වැය කරන මුදල  සාධාරණ මුදලකට වී මිල දී ගැනීම සඳහා යොදවන ලෙසත් ඉල්ලීමක් කර තිබෙනවා.

මේ සම්බන්ධව අදහස් පළ කළ ලබා දෙන මුදල් අනවශ්‍ය නම් සියලුම ගොවි  සංවිධාන මෙම යෝජනාවට එකඟත්වය පළ කළ යුතු බවත්, ඒ අනුව එම මුදල් වී මිල දී ගැනීම සඳහා වෙන් කළ හැකි බවත් අවධාරණය කළා.

නමුත් තවමත් ඇතැම් ගොවි සංවිධාන ඒ සම්බන්ධව ප්‍රකාශයක් සිදු කර නැතැයි ද අමාත්‍යවරයා සඳහන් කළා.

කෘෂිකර්ම දෙපාර්මේන්තුවේ 25 වන වාර්ෂික සමුළුව ඊයේ (22) ගන්නොරුව පැළෑටි හා ජාන සම්පත් මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණා.

එම අවස්ථාවට සහභාගි වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

වැඩි දුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා කියා සිටියේ අප රටේ හෙක්ටයාර් එකකට ලබන වී අස්වැන්න කිලෝග්‍රෑම් 2000- 4500 දක්වා වන අතර මෙම ප්‍රමාණය ඇතැම් ප්‍රදේහවල කිලෝ ග්‍රෑම් 11,000 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

එවැනි ඉහළ අස්වැන්නක් ලබා ගැනීමේ දී වී කිලෝවක් රුපියල් 75ක් වැනි මුදලකට අලෙවි කළත් ගොවීන්ට පාඩුවක් සිදු නොවේ.

එමනිසා වී අස්වනු ඉහළ නංවාලීමට හැම ගොවියෙක්ම කටයුතු කරන්නේ නම් රජයේ සහනාධාර උපයෝගි කර ගනිමින් ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට මෙන්ම ඉහළ ආදායමක් උපයා ගැනීමට ද හැකි  වන බව අමාත්‍යවරයා සඳහන් කළා.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 23, 2023 09:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්