ත්‍රිපෝෂ හදන්න ලැබුණු බඩ ඉරිඟු සහ සෝයා

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 23, 2023 05:46

ත්‍රිපෝෂ හදන්න ලැබුණු බඩ ඉරිඟු සහ සෝයා

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන යටතේ සෝයා බෝංචි සහ බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 4700 ක්  ත්‍රිපෝෂ සමාගම වෙත භාර දී තිබෙනවා.

භාරදීමේ නිල උත්සවය පැවැත්වුණේ ත්‍රිපෝෂ සමාගමේදී.

ත්‍රිපෝෂ වැඩසටහන අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයයි මෙම සෝයා බෝංචි සහ බඩ ඉරිඟු තොගය ලබා දී ඇත්තේ.

මෙම ආහාර තොගය ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකික ප්‍රජාවන්ට සහාය වීමට ලෝක ආහාර වැඩසටහන සිදු කරන හදිසි මෙහෙයුම වෙනුවෙන් ඇමෙරිකාව සපයනු ලබන ඇමෙරිකානු ඩොලර් මිලියන 20 ක පුළුල් සහනාධාරයේ කොටසකි.

මෙම අවස්ථාවට ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ පාලන සහ අවදානමට ලක්විය හැකි ජනගහන කාර්යාලයේ අධ්‍යක්ෂක ඇස්ටා සින්බෝ සහභාගී වී සිටියා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 23, 2023 05:46