සාත්තු සේවා රැකියා සිහිනය සැබෑ වූ අපේ තරුණියන්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 23, 2023 05:04

සාත්තු සේවා රැකියා සිහිනය  සැබෑ වූ  අපේ තරුණියන්

ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා අවස්ථා හිමි වූ 11 දෙනෙකු සඳහා ගුවන් ටිකට් පත් ප්‍රධානය කෙරුණා.

ඒ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අතින්.

මෙම පිරිස ඊශ්‍රායලයේ රැකියා හිමි වූ 85 වන කණ්ඩායම වනවා.

ඔවුන් ලබන 26 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිත අතර ඒ අනුව මේ වන විට ශ්‍රී ලාංකිකයින් 601 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා හිමිව තිබෙනවා.

ඒ දෙරට අතර ඇති කර ගෙන ඇති අවබෝධතා ගිවිසුම අනුවයි මෙලෙස රැකියා හිමිව තිබෙන්නේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පමණක් ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා ලාංකිකයින්ට හිමි වනවා.

මෙම රැකියා ලබා ගැනීම සඳහා කිසිඳු බාහිර පුද්ගලයෙකුට මුදල් හෝ ගමන් බලපත්‍රය ලබාදීමෙන් වලකින ලෙසයි කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 23, 2023 05:04