fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට විශිෂ්ට ජයක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 22, 2023 12:37

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට විශිෂ්ට ජයක්

ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වී සිටින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අවසාන පූර්ව වටයට සුදුසුකම් ලබාගෙන තිබෙනවා.

චීනයේ Hangzhou ක්‍රිකට් පිටියේ පැවති අර්ධ අවසාන පූර්ව වටයේ තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ තායිලන්ත කණ්ඩායම පරාජය ලැබීය.

වර්ෂාව හේතුවෙන් තරගය පන්දු ඕවර 15කට සීමා විය.

ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් තායිලන්ත කණ්ඩායම සිය පන්දුවාර 15දී කඩුලු 7ක් දැවී ලකුණු 78ක් රැස්කළා.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉනොෂි ප්‍රියදර්ශනී ලකුණු 10ට කඩුලු 4ක් දවා ගත්තා.

ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 10.5කදී කඩුලු 2ක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කළා.

අනුෂ්කා සංජීවනී ලකුණු 32ක් සහ චමරි අතපත්තු ලකුණු 27ක් රැස් කිරීමට සමත් වුණා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 22, 2023 12:37

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්