සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පවසන්නේ පසුගිය වසරේ අගෝස්තු මාසය දක්වා වූ කාලයට සාපේක්ෂව මේ වසරේ අගෝස්තු දක්වා කාලසීමාව තුළ සංචාරකයින්ගේ පැමිණීම 26%ක වර්ධනය වී ඇති බවයි.
වසරේ මේ දක්වා කාලය තුළ සංචාරකයින් නව ලක්ෂ 70,006 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා.
එමෙන්ම සැප්තැම්බර් මස පළවනදා සිට 17 වනදා දක්වා කාලය තුළ පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 65,688ක් .
සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ සැප්තැම්බර් 17 වන දින පමණක් සංචාරකයින් 3545ක් දිවයිනට පැමිණ ඇති බවයි.
ඒ අනුව මේ මාසයේ 120% කට වැඩි වර්ධනයක් අපේක්ෂා කරන බව සංචාරක සංවර්ධන අධිකාරිය පැවසුවේ ය.