fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යකඩ පොල්ලකින් පහරදි පුද්ගලයෙකු ඝාතනය කෙරේ

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 22, 2023 09:40

යකඩ පොල්ලකින් පහරදි පුද්ගලයෙකු ඝාතනය කෙරේ

කුරුවිට, කොක්ඕවිට ප්‍රදේශයේදී යකඩ පොල්ලකින් පහරදීමෙන් මනුෂ්‍ය ඝාතනයක් සිදුකර තිබෙනවා.

කුරුවිට පොලිස් වසමේ නිවසක පදිංචිව සිට ඇති අදාළ පුද්ගලයාව පැහැරගෙන ගොස් වෙනත් නිවසක් තුළ අයුතු ලෙස සිරකර තබාගෙන පහරදී තිබේ.

නිවසක් තුළ එලෙස පුද්ගලයෙකුට පහරදෙන බවට ඊයේ (21) කුරුවිට පොලීසියට ලද තොරතුරක් මත සිද්ධිය පිළිබඳව විමර්ශන ආරම්භ කෙරුණි.

ඒ අනුව පහරකෑමට ලක්වු පුද්ගලයාව එම නිවස ආසන්නයේ කැළෑබද ස්ථානයක දමාගොස් සිටියදී පොලීසිය විසින් සොයාගෙන ඇති අතර තුවාලකරුව රත්නපුර රෝහලට ඇතුළත් කිරීමට නිලධාරීන් කටයුතු කර තිබුණි.

රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පහරකෑමට ලක්වු පුද්ගලයා මියගොස් ඇත.

පහරකෑමෙන් මියගොස් ඇත්තේ අවුරුදු 32ක් වන කොක්ඕවිට, පරන්කඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 22, 2023 09:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්