ජපානයේ පැවති ආසියානු පැසිෆික් කලාපීය කායවර්ධන සහ ශාරීරික නිරූපන 2023 තරගාවලියේ දී රන් පදක්කමක් සහ සිව් වන ස්ථාන දෙකක් දිනා ගත් ශ්රී ලාංකික ක්රීඩකයින් තිදෙනකු ඊයේ (21) රාත්රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.
මෙම තරගාවලිය ජපානයේ ටෝකියෝ නුවර පසුගිය 16 සිට 017 දක්වා රටවල් 23 ක ක්රීඩක ක්රීඩිකාවන් 300 කගේ සහභාගීත්වයෙන් පවත්වා තිබුණා.
එහිදී කිලෝ ග්රෑම් 70 – 75 බර පංතිය යටතේ කායවර්ධන අංශයෙන් තරග කළ සුමිත් චන්දන ද සිල්වා එහි ශූරතාවය දිනා ගනිමින් රන් පදක්කම හිමි කර ගත්තා.
ඊට අමතරව ජීන්ස් මොඩ්ල් අංශයෙන් තරග කළ තරංග සංජීව සහ ස්පෝර්ට්ස් මොඩ්ල් අංශයෙන් තරග කළ අකිල ශාමික ප්රනාන්දු යන දෙදෙනා ද එම අංශ වලින් සිව් වන ස්ථානය දිනා ගෙන තිබුණා.
මෙම ක්රීඩකයින් පිළිගැනීම සඳහා කායවර්ධන සහ ශාරීරික නිරූපන ක්රීඩක ක්රීඩිකාවන් විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියා.
එසේම මෙම තරගාවලියට ශ්රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ අවුරුදු 50 ට වැඩි කායවර්ධන අංශයෙන් තරග කළ රුවන් රණසිංහ ද එම අංශයේ ශූරතාවය දිනා ගනිමින් රන් පදක්කමක් හිමි කර ගෙන තිබුණා.