fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරය අමතයි

hasiniek
By hasiniek සැප්තැම්බර් 21, 2023 22:28

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරය අමතයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරය මිට සුළු මොහොතකට පෙර අමතනු ලැබුවා.

ජාතික සහ ජාත්‍යන්තර ප්‍රජාවේ සහාය ඇතිව සැමට සාමය සහ සෞභාග්‍යය සහතික කරමින් තිරසාර සංවර්ධනයක් කරා ශ්‍රී ලංකාව මෙහෙයවීමට කැප වන බවට නිව්යොර්ක් හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහතික වුණා.

දේශගුණික විපර්යාස සහ වසංගත වැනි අර්බුද ශ්‍රී ලංකාව වැනි කුඩා ණයගැති රටවලට තිරසර සංවර්ධන ඉලක්ක සහ දේශගුණික ප්‍රයත්නයන් ඉදිරියට ගෙන යාමට බාධාවක් වන බව ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී ප්‍රකාශ කළා.

ගෝලීය බලශක්ති ගැටුම් ආර්ථික අවිනිශ්චිතතාවයක් ඇති කරන අතර, සැපයුම් දාම කඩාකප්පල් කිරීම සහ ලොව පුරා උද්ධමනය, ආහාර සහ බලශක්ති අනාරක්ෂිතභාවය ඇති කරන බවද ජනාධිපතිවරයා අවධාරණය කර සිටියා.

දේශගුණික විපර්යාස අවම කර ගැනීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය හමුවේ ප්‍රතිඥා දෙනු ලැබුවා.

COP27 හි දී, දේශගුණ අභිලාෂ සැලැස්ම එළිදැක්වූ අතර, 2030 වන විට මෙරට ජාතික විදුලි අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීම, වන ආවරණය 32% කින් ඉහළ නැංවීම, හරිතාගාර වායු විමෝචනය 14.5% කින් අඩු කිරීම ඉලක්ක කර ගෙන තිබෙන බවත් 2040 වන විට ගල් අඟුරු භාවිතයෙන් ඉවත් වී 2050 වන විට ශුද්ධ ශුන්‍ය විමෝචනයට ළගා වීමට සැලසුම් කරන බවත් ජනාධිපතිවරයා කියා සිටියා

එම වීඩියෝව පහතින්.

hasiniek
By hasiniek සැප්තැම්බර් 21, 2023 22:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්