fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එක් කෝටි තිස් ලක්ෂයක් වටිනා රන් බිස්කට් සමග අයෙක් කොටුවෙයි

hasiniek
By hasiniek සැප්තැම්බර් 21, 2023 14:27

එක් කෝටි තිස් ලක්ෂයක් වටිනා රන් බිස්කට් සමග අයෙක් කොටුවෙයි

රුපියල් එක් කෝටි තිස් ලක්ෂයක් පමණ වටිනා රන් බිස්කට් පහයි භාගයක් නීතිවිරෝධී ලෙස රැගෙන කටුනායක ගුවන් තොටුපොළෙන් පිටව යමින් සිටි ගුවන් මගියෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (21 ) උදෑසන අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු ගාල්ල ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි ව්‍යාපාරිකයෙක්.

ඔහු අද 21 දින උදෑසන 05.30 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔහු ගුවන් තොටුපොළේ සියලුම පරීක්ෂණ නිමවා ගුවන් තොටුපොළෙන් පිටතට යමින් සිටියදී , පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් මොහු රැගෙන ආ ගමන් මලු තුළ තිබී මෙම ග්‍රෑම් 616 ක් බරැති රන් බිස්කට් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබෙනවා.

පසුව මෙම ගුවන් මගියා සහ ඔහු විසින් නීතිවිරෝධී ලෙස රැගෙන විත් තිබූ රන් බිස්කට් සියල්ල , වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දී ඇති

hasiniek
By hasiniek සැප්තැම්බර් 21, 2023 14:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්