යුක්රේනය රුසියා බලය පැවති නගර දෙකක බලය අත්පත් කරගෙන තිබෙනවා.
බක්මුත් නගරයට නැගෙනහිරින් පිහිටි නගර දෙකක බලයයි මෙසේ අත්කරගෙන ඇත්තේ.
රුසියානු යුද නැව් තුනකට ද පහරදීමට යුක්රේනය කටයුතු කර තිබෙනවා.
මේ අතර ඊයේ රාත්‍රිය පුරා රුසියාව යුක්රේන නගර රැසකට ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වනවා.
එම ප්‍රහාරවලින් කර්සන් නගරයේ පුද්ගලයන් දෙදෙනෙකු මිය ගියා.
තවත් පුද්ගලයන් 20 දෙනෙකුට තුවාල සිදු වුණා.
මේ අතර පෝලන්ත අග්‍රාමාත්‍යවරයා නිවේදනය කළේ යුක්රේනයට තවදුරටත් අවි ආයුධ සැපයීම සිදු නොකරන බවයි.
ධාන්‍ය ආනයනය සම්බන්ධයෙන් දෙරට අතර ඇතිව තිබෙන අර්බුදය හේතුවෙන් මෙම පියවර ගෙන තිබෙනවා.