fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාගමනක නිරත වෙමින් වාර්තා අතරට එක්වූ පාසල් සිසුවිය 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 21, 2023 13:13

පාගමනක නිරත වෙමින් වාර්තා අතරට එක්වූ පාසල් සිසුවිය 

පාසල් සිසුවියක කිලෝමීටර් 54 ක දුරක් පාගමනක නිරත වෙමින් වාර්තා අතරට එක්වුණා.

හැටන් බගවන්තලාව ශාන්ත මරියා ජාතික පාසලේ 10 වන වසරේ අධ්‍යාපනය ලබන වසන්ත කුමාර් නිතර්ෂනා මෙලෙස පාගමනේ නිරත වුණා.

නාවලපිටිය පොලිස් ස්ථානය අසළින් ඇය පාගමන ආරම්භ කළ අතර බගවන්තලාව නගර මධ්‍යයෙන්  එය අවසන් කර තිබෙනවා.

පැය 08 යි විනාඩි 30 ක කාලයක් ඒ සඳහා වැය කෙරුණා.

ඉන්දියාවේ ක්‍රියාත්මක චෝලන් ලෝක වාර්තාපොතට මෙය එක් වූ බවයි පාගමන නිරීක්ෂණයට පැමිණි මෙරට නියෝජිත නාගවානි රාජා මහතා ප්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 21, 2023 13:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්