fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සෞඛ්‍ය අර්බුදය සහ හෙට පවත්වන විරෝධතාවය ගැන කියන්න‍ෙ සෞඛ්‍ය වෘත්තීය සමිති අගරදගුරු හිමියන් හමු වෙයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 21, 2023 12:07

සෞඛ්‍ය අර්බුදය සහ හෙට පවත්වන විරෝධතාවය ගැන කියන්න‍ෙ සෞඛ්‍ය වෘත්තීය සමිති අගරදගුරු හිමියන් හමු වෙයි

සෞඛ්‍ය සේවාවේ අර්බුදය විසඳන ලෙස හා ඒ සඳහා ආණ්ඩුවට බල කරන සෞඛ්‍ය ජාතික විරෝධතා දිනය සැප්තැම්බර් 22 පැවැත්වීමට සූදානම් කොට තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට සෞඛ්‍ය වෘත්තීය සමිති නියෝජිතයින්  කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන්  අගරදගුරු මැදුරේදී හමු වී තිබෙනවා.

සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව හා ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය එක්ව රටපුරා සියලු රෝහල් ඉදිරිපිටදී මෙම විරෝධතාවය පවත්වන අතර මේ වන විට සෞඛ්‍ය සේවාවේ සියලු වෘත්තීය සමිති මේ සඳහා පෙළගැසෙමින් සිටිනවා.

වෘත්තීය සමිති නායකයින් ඉදිරියේ අගරදගුරු හිමියන් පැවසූයේ මෙම ලංකාවේ සෞඛ්‍ය සේවය අඩපනවීම සම්බන්ධයෙන් සම්පූර්ණ අවබෝධයෙන් සිටින බවත් මෙම සටනට උපරිම ලෙස සහාය හා ආශීර්වාදය පලකරන බවත්ය.

සමස්ත ලංකා වෛද්‍ය නිලධාරී සංගමයේ වෛද්‍ය ජයන්ත බණ්ඩාර ඇතුලු වෛද්‍ය සංගමයේ නියෝජිතයින් හා සමස්ත ලංකා හෙද සංගමයේ ලේකම් එස්.බී. මැදිවත්ත, එම සංගමයේ දර්ශිකා වන්නිආරච්චි, සමස්ත ලංකා රෝහල් ඕවර්සියර් සංගමයේ ලේකම් සොයිසා ගුණතිලක ඇතුලු වෘත්තීය සමිති නියෝජිතයින් සහභාගී වී සිටියා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 21, 2023 12:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්