fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙවර මහ කන්නයට පොහොර මිලදී ගැනීම සඳහා රු.මිලියන 12,000ක් ගොවි ගිණුම්වලටම බැර කිරීමට තීරණය කරයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 21, 2023 09:38

මෙවර මහ කන්නයට පොහොර මිලදී ගැනීම සඳහා රු.මිලියන 12,000ක් ගොවි ගිණුම්වලටම බැර කිරීමට තීරණය කරයි

මෙවර මහ කන්නයේ දී පොහොර මිල දී ගැනීම සඳහා රුපියල් මිලියන 12,000ක් වෙන් කිරීමට රජය තීරණය කළ බවත්, එම මුදල් හෙක්ටෙයාර් 01කට රුපියල් 15,000ක් බැගින් ලබා දෙන අතර එම මුදල් ගොවි ගිණුම්වලටම යොමු කිරීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා.

ඊයේ (20) මුලු දිනය පුරාම ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩලය නියෝජනය කරන දිස්ත්‍රික්ක 25ම සභාපතිවරු සමග අමාත්‍යවරයා වර්තමානයේ ගොවීන් මුහුණ දී ඇති ගැටළු සම්බන්ධව සාකච්ඡා කළා.

මෙම සාකච්ඡාව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේ දී පැවැත්වුණා.

එම ගොවි සභාපතිවරු විසින් එක් එක් දිස්ත්‍රික්කවල ඇති ගොවි ගැටළු ප්‍රකාශ කළ අතර රජය වශයෙන් එම ගැටළු විසඳීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග අමාත්‍යවරයා පැහැදිළි කළා.

මෙවර මහ කන්නයේ දී වී වගා කරන හෙක්ටයාර් එකක් සඳහා පොහොර මිල දී ගැනීම සඳහා සහනාධාරයක්  වශයෙන් රුපියල් 15,000ක මුදලක් රජය ලබා දෙන අතර එම මුදලින් ගොවින්ගේ අභිමතය පරිදි රසායනික පොහොර හෝ කාබනික පොහොර මිල දී ගැනීමට හැකියි.

එමෙන්ම මේ වනවිට  පොහොර සම්බන්ධව පවතින තත්ත්වය පැහැදිළි කළ අමාත්‍යවරයා බණ්ඩි පොහොර හා යුරියා පොහොර දැනටමත් අවශ්‍ය ප්‍රමාණයට තිබෙන රජය සතුව තිබෙන අතර මුලික පොහොර හෙවත් මඬ පොහොර පුද්ගලික අංශය විසින් සැපයීමට නියමිත බව ද සඳහන් කළා.

එමෙන්ම මෙවර ද යුරියා පොහොර මිටියක් රුපියල් රුපියල් 9000ක මුදලට රාජ්‍ය අංශයේ පොහොර සමාගම් මගින් ලබා දෙන අතර එම මිලටම යුරියා පොහොර ගොවීන් වෙත ලබා දීමට පුද්ගලික අංශය ද එකඟත්වය පළ කර තිබෙනවා.

මෙහිදී අදහස් පළ කළ ගොවි නියෝජිතයින්  වී සඳහා උපරිම මිලක් ලබා දෙන ලෙසත්, ගොවි ජනතාවට සහනාධාර අවශ්‍ය නැති බවත් ප්‍රකාශ කළා.

සියලුම ගොවි සංවිධාන එක තීරණයක් ගෙන පොහොර සහනාධාරය අවශ්‍ය නොමැතිබව ප්‍රකාශ කරන්නේ නම් එම මුදල් යොදවා වී මිල දී ගැනීමටත්, වී සඳහා ඉහළම මිලක් ලබා දීමටත් හැකි බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

පොහොර සහනාධාරය වශයෙන් රුපියල් මිලියන 12,000ක මුදලක් රජය වෙන් කළේ රටේ පවතින මුදල් අර්බුදයත් සැළකිල්ලට ගනිමින් බවත්, මීට වඩා මුදලක් ලබා දීමට හැකි නම් ඒ සඳහා පියවර ගන්නා බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවා.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 21, 2023 09:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්