විදේශගතව සිටිමින් මෙරට අපරාධ ජාලය මෙහෙය වන මංජුල ප්‍රසාද් හේමන්ත හෙවත් පැට්ටා මංජු නැමැත්තාගේ අපරාධ කල්ලියේ ප්‍රධාන ගෝලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත්තා.
විශේෂ කාර්ය බලකායේ බුද්දි කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුවයි මෙහෙයුම ක්‍රියාත්මක කෙරුණේ.
බෙදා හැරීම සඳහා තවත් පාර්ශ්වයකට මත්ද්‍රව්‍ය ලබාදීමට සූදානම් වූ අවස්ථාවේදී පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්තා.
එහිදී එක් පුද්ගලයෙකු ළඟ තිබී අයිස් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැණුනා.
එමෙන්ම ඔවුන් ළඟ තිබී මිලිමීටර් 09 වර්ගයේ ජීව උණ්ඩ 250 ක් හා විද්‍යුත් තරාදියක් ද සොයාගෙන තිබෙනවා.
ඔවුන්ගෙන් ලද තොරතුරකට අනුව ජාඇල ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිල්ලක් පරික්ෂා කිරීමේදී ව්‍යාජ හැදුනුම්පත් තුනක් මෙන්ම ව්‍යාජ ලෙස සැකසූ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නිල මුද්‍රා කිහිපයක් ද සොයා ගැනුණා.