fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සුරතල් සතුන් පිළිබඳව වසංගත රෝග විද්‍යා අංශයෙන් දැනුවත් කිරීමක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 21, 2023 08:48

සුරතල් සතුන් පිළිබඳව වසංගත රෝග විද්‍යා අංශයෙන් දැනුවත් කිරීමක්

නිවෙසට අලුතින් හදාවඩා ගැනීමට රැගෙන එනු ලබන බල්ලන් සහ පූසන් වැනි සුරතල් සතුන් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය මහජනතාවට දැනුවත් කිරීමක් සිදුකොට තිබෙනවා.

එමගින් දැනුම්දී ඇත්තේ, සතුන් දින දාහතරක්(14) යනතුරු තම සමීපයට නොගන්නා ලෙසටයි.

වෛද්‍යවරු මේ බව පවසා සිටියේ, සැප්තැම්බර් මස 28 වැනිදා ජලභීතිකා දිනයට සමගාමීව ඊයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින්.

මේ අතර, සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ, සුනඛයින් නොවන සතුන්ගේ සපා කෑම්වලින් ජලභීතිකාවට ගොදුරුව මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව පසුගිය වසර කිහිපය තුළ ඉහළ ගොස් ඇති බවයි.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 21, 2023 08:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්