fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඔබත් රැකියා විරහිත අයෙක්ද ? විදෙස් රටක රැකියාවක් සොයන තරුණ තරුණියන්ට වටිනා අවස්ථාවක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 21, 2023 08:34

ඔබත් රැකියා විරහිත අයෙක්ද ? විදෙස් රටක රැකියාවක් සොයන තරුණ තරුණියන්ට වටිනා අවස්ථාවක්

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ රැකියා විරහිත තරුණ තරුණියන් 25641 දෙනෙකුට විදෙස් රටවල් වල රැකියා ලබා දිමට  ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්තිකාර්යාංශය ⁣ කටයුතු යොදා තිබෙනවා.

වාරිමාර්ග ක්‍රිඩා හා තරුණ කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ උපදෙස් පරිදි තරණ සේවා සභා කලමනාකාර අධ්‍යක්ෂ සුරංග ⁣අජිත් මහතාගේ මග පෙන්විම යටතේයි මෙම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ.

විදේශීය රටවල රැකියා ලබා දිම සඳහා පොලොන්නරුව දිස්ත්‍රීක්කයෙන් ඇරඹෙන පළමු නියමු වැඩසටහන පිලිබඳව රජයේ නිලධාරීන් හා පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරිම සඳහා සාකච්ඡාවක් පොලොන්නරුව දිසා ලේකම් ඩබ්ලිව් ධර්මසිරි මහතාගේ ප්‍රධානාත්වයෙන් ලේකම් කාර්යාල රැසවිම් ශාලාවේ දී පැවැත්වුණා.

වාරිමාර්ග ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ උපදෙස් පරිදි තරණ සේවා සභාව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම වැඩපිළිවෙළ තුලින් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ රුකියා නොමැති පුහුණු නොපහුණු තරුණ තරුණියන්ට විදේශීය රටවල් 22ක රැකියා සඳහා වාමට අවස්ථාව උදාවනවා.

දැනටමත් විදෙස් රටවල් 22 ක් අප රටේ තරුණියන්ට රැකියා ලබා දීමට කැමැත්ත ප්‍රකාශකර ඇති බවත් දැනට රැකියා අවස්ථා 25641ක් ඇති බව තරුණ සේවා සභා කලමනාකරන අධ්‍යක්ෂ සුරංග අජිත් මහතා පැවසුවා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 21, 2023 08:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්