ලෝකයේ බොහෝ රටවල් මත්ද්‍රව්‍ය ලැයිස්තුවට ඇතුළත් කර ඇති ගංජා මත්ද්‍රව්‍ය භාවිතය මෙරට ප්‍රවර්ධනය කිරීමට රජය කිසිසේත් අපේක්ෂා නොකරන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසනවා.
එමෙන්ම විනෝදාස්වාදය සඳහා ගංජා ඉරීම සහ ප්‍රවාහනය කිරීම සඳහා අවශ්‍ය නීතිමය අවසරය ලබා දීමටද රජය කිසිසේත් අපේක්ෂා නොකරන අතර අපනයනය සඳහා පමණක් ත්‍රෛලෝක විජය පත්‍ර භෝගය වගා කිරීමට ඇති ශක්‍යතා පිළිබඳ රජයේ අවධානය යොමු කර ඇති අතර, එයට අදාළ ශක්‍යතා වාර්තාව ඉදිරියේදී සභාගත කිරීමට අපේක්ෂා කරන බවද රාජ්‍ය ඇමැතිවරයා පවසනවා.
රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්..
පාසල්, පූජනීය ස්ථානවල සිට මීටර් 100ක දුරින් සිට මද්‍යසාර බලපත්‍ර ලබා දීමට හැකියාව නොමැති බවත් ඒ මහතා ප්‍රකාශ කළා.
තනි සිගරට් අලෙවි කිරීම සහා පාසල්, පූජනීය ස්ථානවල සිට මීටර් 100ක් දුරින් දුම්කොළ හා මද්‍යසාර අලෙවි කිරීම තහනම් කිරීම සඳහා වන සංශෝධනය ද ඇතුළත් දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනතේ සංශෝධනයක් කිරීමට අදාළ කෙටුම්පත් සකස් කිරීම මේ වන විටත් සිදු කරමින් පවතිනවා.