fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

24 වන ඉරිදා රාත්‍රී 10යේ හෝරාවට ITN ඔස්සේ දිග හැරෙන “අනන්තය”

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 20, 2023 17:21

24 වන ඉරිදා රාත්‍රී 10යේ හෝරාවට ITN  ඔස්සේ දිග හැරෙන “අනන්තය”

මේ මස 24 වන ඉරිදා දින රාත්‍රි 10 යේ හෝරාවට ස්වාධීන රූපවාහිනී නාලිකාව ඔස්සේ දිග හැරෙන “අනන්තය” වැඩසටහන මගින් මෙවර ඔබට සුන්දර මෙන්ම දැනුමින් පොහොසත්
අත්දැකීමක් ලබන්නට ඉඩ සැලසෙනු ඇත.

ශ්‍රී ලාංකේය සංගීතයට අලුත් දෙයක් එක් කරන්නනට ඉමහත් වූ පරිශ්‍රමයක් දරණ ගයාත්‍රී කේමදාසයන් ප්‍රමුඛ කේමදාස පදනම ඉදිරිපත් කරන සංගීතමය පෙළහරක මධුර බව මෙන්ම ඊට සමගාමීව ප්‍රස්තූතය ගැන මනා පරිචයක් ඇති
විද්වත් මඬුල්ලක් සමඟ ඒ පිලිබඳව සිදුකරනු ලබන සංවාදාත්මක කතිකාවතක අරුත්බර අදහස් “අනන්තය” තුළින් ඔබ සොයා එනු ඇත.

මේ සඳහා එක්වන කීර්තිමත් විද්වත් පිරිස වන්නේ ආචාර්ය රංජිත් ධර්මකීර්ති,තුශාර රාමනායක, ටී .එම්. ජයරත්න,අජන්ත අලහකෝන්, මහාචාර්ය සමන්ත හේරත්, පරාක්‍රම නිරිඇල්ල, එරික් ඉලයප්ආරච්චි,ආචාර්ය ජගත් බණ්ඩාර සහ ලෝෂිනී පීරිස් යන මහත්ම මහත්මීන් ය.

මේ කතිකාවේ පූරක ලෙස කටයුතු කරන්නේ ප්‍රවීන වැඩසටහන් මෙහෙයුම් ශිල්පී දිනූෂ කුඩාගොඩගේ මහතා විසින් වන අතර අනන්තය ගීතවත් කිරීමට ප්‍රවීන කලා ශිල්පී ටී.එම්. ජයරත්න ශූරීන් සිය දායකත්වය ලබා දෙයි.

කේමදාස පදනමේ ප්‍රමුඛ පරමාර්ථය වන ශ්‍රී ලාංකේය හඬ ශක්තිමත්ව අනාගතයට ගෙන යන පදනමේ සිසු සිසුවියන් ද ක්‍රියාශීලීව ප්‍රසාංගික දායකත්වය ලබාදෙනු ඇත.

පුරා හතලිස් වසරක කාලයක් තුළ ස්වාධීන රූපවාහිනී සේවය ප්‍රේක්ෂක ජනතාවට සිදුකළ ඉමහත් වටිනා කාර්යභාරයේ ප්‍රධාන අංගයක් වූයේ සංගීතයේ නව මං පෙත් සොයා යාමයි.

ඒ ගමන් මග එළිය සොයන ගවේෂණයට ශීලී ප්‍රේක්ශකයන් තවදුරටත් ප්‍රාභාමත් කරන්නට ඉරිදා රාත්‍රී “අනන්තය”

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 20, 2023 17:21

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්