කෘතහස්ථ දේශපාලනඥයෙකු වූ හෙක්ටර් කොබ්බෑකඩුව මහතාගේ 40 වන ගුණසමරුව හෙක්ටර් කොබ්බෑඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීම් ආයතනයේ දී පැවැත්වුණා.
ජාතික ගොවිජන සම්මේලනයේ මහ සභා රැස්වීම ද මීට සමගාමීව පැවැත්වීමටයි කටයුතු කෙරුණේ.
1916 වසරේ අගෝස්තු 27 වනදා තෙල්දෙණියේදී උපත ලැබූ හෙක්ටර් සෙනරත් රාජකරුණා බණ්ඩාර කොබ්බෑකඩුව මහතා නීතිඥවරයෙකු ලෙස වෘත්තීය ජීවිතය ඇරඹූ අතර දිලිදු ගොවීන්ගේ නඩුවලට නොමිලේ පෙනී සිටිමින් කටයුතු කළා.
1970 වසරේ යටිනුවර ආසනය ජයග්‍රහණය කරමින් සමගි පෙරමුණු රජයේ කෘෂිකර්ම අමාත්‍ය ධුරයට පත් කොබ්බෑකඩුව මහතා ඉන් අනතුරුව දේශපාලන ක්ෂේත්රය තුළ කැපී පෙනෙන චරිතයක් වුණා.
1992 වසරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපතිවරණයට තරඟ කළ ඒ මහතා ඉන් පරාජයට වුවද වඩාත් ප්‍රසිද්ධියට පත් වූයේ ඔහුගේ ඡන්ද වෙනත් පුද්ගලයකු විසින් භාවිත කර තිබීම හේතුවෙන්.
ඒ මහතා 1983 වසරේ සැප්තැම්බර් 16 වෙනිදා ජීවිතයෙන් සමුගත්තා.
හෙක්ටර් කොබ්බෑකඩුව මහතාගේ 40 වන ගුණ සැමරුම පැවැත් වුණේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අමාත්‍ය මහින්ද අමරවීර යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයන් රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.