fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආබාධිත ප්‍රජාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට

hasiniek
By hasiniek සැප්තැම්බර් 19, 2023 19:00

ආබාධිත ප්‍රජාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට

රටේ සමස්ත ආබාධිත සහිත ප්‍රජාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් වූ නව පනත් කෙටුම්පතක් මෙම වසරේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනූප පස්කුවල් මහතා පවසනවා.

එමෙන්ම ආබාධිත සහිත ප්‍රජාව සවිබල ගැන්වීම තුළින් රටේ නිෂ්පාදන ආර්ථිකය නඟාසිටුවීමට ඔවුන්ගේ දායකත්වය ලබා ගැනීමේ පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන බවයි ඔහු සඳහන් කළේ.

‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (19) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා මේ බව ප්‍රකාශ කළා.

මෙරට ජනගහනයෙන් 4%ක් පමණ වන ආබාධිත ප්‍රජාව වෙනුවෙන් මූල්‍ය ආධාර වගේම අනෙකුත් පහසුකම් ලබාදීමට ද රජය පියවර ගෙන ඇති අතර ආබාධිත සහිත සියලු ප්‍රජාවට අධ්‍යාපනය මෙන්ම තාක්ෂණික දැනුම ලබාදීම අවශ්‍ය වන බවයි ඔහු පෙන්වාදෙන්නේ.

සංඥා භාෂාව ඕනෑම කෙනෙකුට හඳුනාගත හැකි ආකාරයට මෙන්ම අදහස් හුවමාරු කර ගැනීමට සහ සම්බන්ධතා ඇති කිරීමට ආබාධිත මහලේකම් කාර්යාලය හරහා සංඥා භාෂා පනත් කෙටුම්පත ද මෙම වසර අවසන් වීමට පෙර සංශෝධනය කිරීමට කටයුතු කරන බව අනුප පස්කුවල් මහතා ප්‍රකාශ කළා.

hasiniek
By hasiniek සැප්තැම්බර් 19, 2023 19:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්