නේටෝ සංවිධානය සාමාජික රටවල් සමග කරන්න හදන දේ
Related Articles
නේටෝ සංවිධානය සාමාජික රටවල් සමග සිදුකරන යුද අභ්‍යාස වැඩිකර තිබෙනවා.
පසුගිය සතියේ සිට නේටෝ සංවිධානය බෝල්ටික් මුහුදේ වාර්ෂික යුද අභ්‍යාස ආරම්භ කළා.
රුසියාවෙන් එල්ල වන ඕනෑම ප්‍රහාරයකට ප්‍රතිචාර දක්වන ආකාරය මෙහිදී අත්හදා බලන බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.
යුද නෞකා 30ක් හා සෙබලුන් 3,000ක් පමණ මෙම අභ්‍යාස සඳහා එක්ව සිටිනවා.
නේටෝ සංවිධානයේ සාමාජිකත්වයට අයැදුම්කර සිටින ස්වීඩනය ද මෙවර යුද අභ්‍යාස සඳහා සහභාගිවී සිටින බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ඇමෙරිකාව / කැනඩාව / නෙදර්ලන්තය / බෙල්ජියම හා ප්‍රංශය මෙවර යුද අභ්‍යාසයට එක්ව සිටිනවා.