බොරතෙල් බැරලයක මිල ඉහළට
Related Articles
දෛනික බොරතෙල් නිෂ්පාදන කප්පාදුව දීර්ඝ කිරීමත් සමග මිල යළිත් වරක් ඉහළ ගොස් තිබෙනවා.
ඇමෙරිකාවේ ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ ඇමෙරිකා ඩොලර් 92.59ක් ලෙසයි.
බ්‍රිතාන්‍ය යේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා ඩොලර් 94.92ක් ලෙස සටහන් වනවා.
එමෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මර්බන් බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා ඩොලර් 96.44ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
සෞදි අරාබිය හා රුසියාව දෛනික බොරතෙල් නිෂ්පාදනය පහළ දැමීම මෙලෙස මිල ඉහළ යාමට හේතුවී තිබෙනවා.
බොරතෙල් බැරල් මිලියන 1.3ක කප්පාදුවක් ඔවුන් ප්‍රකාශයට පත්කර ඇති අතර එය මෙම වසර අවසානය දක්වා ක්‍රියාත්මක වනු ඇති.