ජපානයේ පුද්ගලයින් දස දෙනෙකුගෙන් එක් අයෙකුම අවුරුදු 80 හෝ ඊට වැඩියි
Related Articles
ජපානයේ සෑම පුද්ගලයින් දස දෙනෙකුගෙන් එක් අයෙකුම වයස අවුරුදු 80 හෝ ඊට වැඩි බව අනාවරණය වී තිබෙනවා.
ජපානයේ ජනගහනයෙන් වැඩි ප්‍රතිශතයක් මේ වනවිට වයස්ගත පුද්ගලයින් බවයි වාර්තා වන්නේ.
තරුණ ප්‍රජාව දරුවන් බිහි කිරීමට දක්වන මැලිකම ඊට හේතුවී තිබෙනවා.
ජපානයේ මිලියන 125ක් වන ජන ගහනයෙන් සියයට 29.1ක ප්‍රතිශතයක් අවුරුදු 65 හෝ එය ඉක්මවා ඇති බව එරට නවතම දත්ත වාර්තා පෙන්වනවා. එය නව වාර්තාවක් ලෙසයි සැලකෙන්නේ.
ලොව අඩුම උපත් අනුපාතිකයක් සහිත රට ජපානය බවයි ජගත් සංවිධානය පවසනවා.
2040 වසර වනවිට ජපානයේ වයස අවුරුදු 65 හා එය ඉක්මවූ පිරිස සමස්ත ජන ගහනයෙන් සියයට 35ක් පමණ වනු ඇති බවටයි ගනන් බලා ඇත්තේ.
වයස්ගත ජනගහනය ඉහළ යාමත් සමග එරට ජාතික ශ්‍රම බලකායට ද එය දැඩි බලපෑමක් එල්ලකර තිබෙනවා.