fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොලිස් නිලධාරීන් , පොලිස් සුනඛයින් හා පොලිස් ස්ථාන කුලියට

hasiniek
By hasiniek සැප්තැම්බර් 19, 2023 15:16

පොලිස් නිලධාරීන් , පොලිස් සුනඛයින් හා පොලිස් ස්ථාන කුලියට

පොලිස් නිලධාරීන් , පොලිස් සුනඛයින් හා පොලිස් ස්ථාන කුලියට ලබාදීමට ඉන්දියාවේ කේරල ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

කේරල ප්‍රාන්ත රජයේ තීරණයත් සමග තම අවශ්‍යතාව මත ජනතාවට පොලිස් නිලධාරීන් / පොලිස් සුනඛයින් හා පොලිස් ස්ථාන කුලියට ගැනීමේ හැකියාව හිමිවනවා.

ඒ අනුව පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරියෙකු දිනකට ඉන්දීය රුපියල් 3,000 ත් 3,400ත් අතර මුදලකට ලබාගත හැකි බවයි වාර්තා වන්නේ.

දිනකට රුපියල් 34,000ක පමණ මුදලක් වැය කිරීම හරහා පොලිස් පරීක්ෂකවරයෙකු / පොලිස් සුනඛයෙකු හා ආරක්ෂක උපකරණ ලබාගැනීමේ හැකියාව හිමිවනවා.

එමෙන්ම ඉන්දීය රුපියල් 12,000ක් වියදම් කිරීම තුළින් පොලිස් ස්ථානයක් භාවිත කිරීමේ අයිතිය පවා ලබාගත හැකි බවයි වාර්තා වන්නේ.

සාමාන්‍ය පොලිස් නිලධාරියෙකු ලබාගැනීමට දිනකට වැයකළ යුත්තේ ඉන්දීය රුපියල් 610ක් වැනි මුදලක්. එහෙත් පොලිස් සුනඛයෙකු ලබාගැනීමට දිනකට ඉන්දීය රුපියල් 7,300ට ආසන්න මුදලක් ගෙවිය යුතු වනවා.

පොලිස් නිලධාරියෙකුගේ ගාස්තුවට වඩා සුනඛයෙකුගේ ගාස්තුව ඉහළ යාම සම්බන්ධයෙන් කේරල ප්‍රාන්ත රජය පැහැදිලි කිරීමක් සිදුකර නැහැ.

 

 

hasiniek
By hasiniek සැප්තැම්බර් 19, 2023 15:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්