fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කෑගල්ල දිස්ත්‍රික්කයේ රණවිරු පවුල්වල ගැටලු සාකච්ඡා කිරීමේ විශේෂ හමුවක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 19, 2023 13:39

කෑගල්ල දිස්ත්‍රික්කයේ රණවිරු පවුල්වල ගැටලු සාකච්ඡා කිරීමේ විශේෂ හමුවක්

කෑගල්ල දිස්ත්‍රික්කයේ රණවිරු පවුල්වල ගැටලු සාකච්ඡා කිරීමේ විශේෂ හමුවක් පසුගියදා රණවිරු සේවා අධිකාරියේ මූලිකත්වයෙන් කෑගල්ල නගර සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණා.

රාජ්‍ය ආයතන කීපයක්ම මෙම වැඩසටහනට සිය දායකත්වය ලබාදී තිබුණා. රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල් නන්දන සේනාධීර මහතාගේ මූලිකත්වයෙනුයි මෙම හමුව පැවැත්වුණේ.

දිස්ත්‍රික් වැඩසටහන් නිලධාරී ලක්ෂිතා සමරතුංග මහත්මිය මෙම වැඩසටහන සංවිධානකර තිබුණා.

වෛද්‍ය හේතූන් මත ත්‍රිවිධ හමුදා සේවයෙන් ඉවත් වන හමුදා සාමාජිකයින් වෙත ඔවුන්ගේ වයස අවුරුදු 55 දක්වා සහ ඔහුට සහ ඔහුගේ වැන්දඹු බිරිදට ජීවිතාන්තය දක්වා අදාළ දීමනා එලෙසම හිමිගැන්වීම සදහා අමාත්‍යංශයේ දැනටමත් වැඩසටහනක් සැළසුම් කර තිබෙනවා.

ඒ පිළිබදව ද මෙහිදී මේජර් ජනරාල් නන්දන සේනාධීර මහතා පැහැදිලි කළා. දිස්ත්‍රික්කයේ රණවිරු පවුල් 250කගේ සහභාගීත්වයෙනුයි මෙම හමුව පැවැත්වුණේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 19, 2023 13:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්