fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රි ලංකාවේ හිටපු ඉරාන තානාපතිගෙන් අගමැතිට පැසසුම්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 19, 2023 13:16

ශ්‍රි ලංකාවේ හිටපු ඉරාන තානාපතිගෙන් අගමැතිට පැසසුම්

ද්විපාර්ශ්වික මිත්‍රත්වය සහ සංවර්ධන සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා සිය රාජ්‍යතාන්ත්‍රික ධුර කාලය තුළ අඛණ්ඩව සහයෝගය ලබා දීම පිළිබඳව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට සිය කෘතඥතාව පළ කරන බව, ශ්‍රී ලංකාවේ තානාපති වශයෙන් සිට සිය සේවා කාලය අවසන් කොට නික්ම යන තානාපති හෂේම් අෂ්ජාසාදේ මහතා පවසනවා.

කොවිඩ් වසංගතය සහ ගෝලීය ආර්ථික අර්බුදයේ අභියෝගාත්මක කාල පරිච්ඡේදයේදී එවකට විදේශ අමාත්‍යවරයාව සිටි වත්මන් අග්‍රාමාත්‍යවරයා ලබාදුන් සහයෝගය අගය කරන බව ඊයේ (18) දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයාගෙන් සමුගත් තානාපතිවරයා සිහිපත් කළේය.

දුෂ්කර සහ අභියෝගාත්මක කාලපරිච්ඡේදයක් තුළ ඉරානය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය සහ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමට දරන උත්සාහය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා තානාපති හෂේම් අෂ්ජාසාදේ මහතාට ස්තූතිය පුද කළේය.

ශ්‍රී ලංකාවට සහය වීමට තානාපතිවරයා දරන විශේෂ ප්‍රයත්නය සහ ශ්‍රී ලංකාවේ යහපත සඳහා ඉරානය විසින් සිදු කරන ලද වැදගත් හවුල් ව්‍යාපාර අවසන් කිරීම සහතික කිරීම සඳහා නොපසුබටව කටයුතු කිරීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රශංසාව හිමිවිය.

අමාත්‍ය නසීර් අහමඩ්, රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශන දෙනිපිටිය, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක සහ ඉරාන තානාපති කාර්යාලයේ ආර්ථික සහ කොන්සියුලර් අංශයේ ප්‍රධානී කේ. සොහීල් මෙම හමුවට එක්ව සිටියහ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 19, 2023 13:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්