තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩසටහනට මාස දෙකක් තුළ රු. මිලියන 2200ක් වැයකරයි
Related Articles
තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩසටහනට මාස දෙකක් තුළ රුපියල් මිලියන 2200ක් වැයකර තිබෙනවා.
එම වැඩපිළිවෙල යටතේ සෙවණගල නුගේගල යාය තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මානය සංවර්ධනය කිරීම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රදානත්වයෙන් ආරම්භ කෙරුණා.
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය, හදබිම අධිකාරිය හා කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති විදේශ අරමුදල්වලින් ක්‍රියාත්මක ව්‍යාපෘති ද මේ සදහා මූල්‍යා ප්‍රතිපාදන ලබාදී තිබෙනවා.
තරුණ ප්‍රජාව කෘෂිකර්මාන්තයට ආකර්ෂණය කර ගැනීම අරමුණු කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මකයි.
නුගේගල යාය ගම්මානය තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මානයක් ලෙස සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කළ අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන ජගත් පුෂ්පකුමාර හා විජිත බේරුගොඩ යන මහත්වරුන් ඇතුලු පිරිසක් ද එක්ව සිටියා.