රාජ්‍ය ආයතන වලින් නිවැරදි තොරතුරු කඩිනමින් ගන්න බැහැ – ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන්
Related Articles
රාජ්‍ය ආයතන වලින් නිවැරදි තොරතුරු කඩිනමින් ලබා ගැනීමට නොහැකිවීමෙන් නිවැරදි පුවත් ජනතාවට සමීප කිරීමට බාධා සිදුව ඇති බවට විවෘත සහ වගකිව යුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂක කාරක සභාව හමුවේ ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන් ප්‍රකාශ කළා.
විවෘත සහ වග කිවයුතු රජයක් පිළිබද ආංශික අධීක්ෂක කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණා.
ඇතැම් මාධ්‍ය ලේකම්වරුන් තොරතුරු සම්බන්ධීකරණය නිසියාකාරව සිදු නොකිරීම නිසා රජයේ යහපත් සංවර්ධන වැඩසටහන් ජනතාව අතරට ගෙනයාමට නොහැකි වී ඇති බවයි ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන් පෙන්වා දුන්නේ.
ඒ පිළිබද විශේෂ අවදානය යොමුකරමින් ඊට අදාළ වැඩපිළිවෙළක් සකස් කරන ලෙසයි කාරක සභාව ජනමාධ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් ඊ එම් එස් බී ජයසුන්දර මහතාට දැනුම් දුන්නේ.
වෘත්තීය ජනමාධ්‍යවේදීන් බිහි කිරීම සදහා පුහුණු ආයතනයක් පිහිටුවීම පිළිබදව ද මෙහිදී සාකච්ඡා කෙරුණා.
මේ සම්බන්ධයෙන් පනත් කෙටුම්පත් සකස් කරමින් පවතින බවයි අතිරේක ලේකම්වරයා ප්‍රකාශ කළේ.
රාජ්‍ය මාධ්‍ය ආයතන ඔස්සේ නොමිලේ ප්‍රචාරය ලබාගත හැකි බවට වැරදි මතයක් නිර්මාණය වී තිබෙනවා.
එම පසුබිම හමුවේ මේ සදහා මැදිහත්වීමේ අවශ්‍යතාව ද ආයතන ප්‍රධානීන් පෙන්වා දුන්නා. මේ සදහා නිර්දේශ ලබාදීමට මැදිහත්වන බවයි කාරක සභාව දැනුම් දුන්නේ.