fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අගමැති බංග්ලාදේශයෙන් ඉල්ලපු දේ

hasiniek
By hasiniek සැප්තැම්බර් 18, 2023 15:59

අගමැති බංග්ලාදේශයෙන් ඉල්ලපු දේ

ඖෂධ ක්ෂේත්‍රයේ විශේෂඥ දැනුමක් ඇති බංග්ලාදේශයෙන් ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනයට සහයෝගීතාවය අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

ඒ බංග්ලාදේශ කතානායකවරිය සමග පැවති සාකච්ඡාවකදීයි.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හා බංග්ලාදේශ පාර්ලිමේන්තුවේ කතානායිකා ශිරින් ෂර්මින් චෞද්රි මහත්මිය අතර හමුවක් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා.

දෙරටේ පාර්ලිමේන්තු සබදතා තවදුරටත් වර්ධනය කර ගැනීමට මෙන්ම අත්දැකීම් හුවමාරු කර ගැනීමට නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී පෙන්වා දුන්නා.

එවැනි සහයෝගීතාවකින් දෙරටේ ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු භාවිතයන් ශක්තිමත් කළ හැකි බවයි බංග්ලාදේශ කතානායකවරිය මෙහිදී කියා සිටියේ. දෙරට අරත සබදතා තවදුරටත් පුළුල් කිරීමේ අවශ්‍යතාවද ඇය අවධාරණය කළා.

ජාත්‍යන්තර වෙළදාමට අවශ්‍ය ප්‍රවාහන කටයුතු සදහා මෙරට වරායන් භාවිත කිරීමට බංග්ලාදේශය උනන්දුවෙන් සිටින බවද කතානායකවරිය තවදුරටත් සදහන් කළා. රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය / පාර්ලිමේන්තු මන්ත්‍රි යදාමිනී ගුණවර්ධන යන මහත්වරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

hasiniek
By hasiniek සැප්තැම්බර් 18, 2023 15:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්