fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සාගල සති දෙකකින් ඉල්ලූ වාර්තාව

hasiniek
By hasiniek සැප්තැම්බර් 18, 2023 15:44

සාගල සති දෙකකින් ඉල්ලූ වාර්තාව

දිවයිනේ සියලු ජලාශ, වැව්, වේලි හා ජලය රැගෙන යන උමං මාර්ගවල වර්තමාන ආරක්ෂිත තත්ත්වය පිළිබඳව ලබා ගන්නා තාක්ෂණික තොරතුරු මත පදනම්ව ඒවායෙහි සිදු කළ යුතු අලුත්වැඩියා කටයුතු සහ ඒ සඳහා අපේක්ෂිත පිරිවැය ද ඇතුළත්වන වාර්තාවක් සති දෙකක් තුළ තමා වෙත ලබා දෙන ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා

එම වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කර කඩිනම් ඉදිරි පියවර ගැනීමට අපේක්ෂා කරන බව ද ඒ මහතා කියා සිටියා.

සාගල රත්නායක මහතා මේ බව සඳහන් කර සිටියේ දිවයිනේ සියලුම ජලාශ, වේලි හා ජලය රැගෙන යන උමං මාර්ගවල වර්තමාන තත්ත්වය සම්බන්ධව අදාළ රේඛීය ආයතනවල නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේදී අද (18) පැවති සාකච්ඡාවේදීයි

වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සහ විදුලිබල මණ්ඩලයට අයත් සියලුම ජලාශ, වේලි හා එම ජලාශවලින් ජලය රැගෙන යන උමං මාර්ගවල වර්තමානයේ පවතින තාක්ෂණික ආරක්ෂිත තත්ත්වය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරුණා.

විශේෂයෙන් ජලය රැගෙන යන උමං මාර්ග අවහිර වීමෙන් මතුව ඇති ගැටලු පිළිබඳව මෙහිදී අවධානය යොමු වූ අතර ඒවායේ වැලි හා මඩ ඉවත්කර යථා තත්ත්වයට පත් කිරීම, පසුගිය කාලයේ ඇතිවූ භූ කම්පනවලින් අදාළ ප්‍රදේශවල පිහිටි ජලාශ හා උමං මාර්ගවලට සිදුව ඇති බලපෑම මෙන්ම වාර්ෂිකව ඇතිවන සාමාන්‍ය තත්ත්වයන් යටතේ සිදුවන බලපෑම යන කරුණු පිළිබඳව ද සාකච්ඡාවට ලක් වූ බවද සඳහන්.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය හා විදුලිබල මණ්ඩලයේ කාර්යභාර ඉංජිනේරුවන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියා

hasiniek
By hasiniek සැප්තැම්බර් 18, 2023 15:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්