fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තායිවානය චීනයෙන් කළ ඉල්ලීම

hasiniek
By hasiniek සැප්තැම්බර් 18, 2023 14:56

තායිවානය චීනයෙන් කළ ඉල්ලීම

දිගින් දිගටම සිදුකරන හමුදාමය මැදිහත්වීම් නතර කරන්නැයි තායිවානය චීනයෙන් ඉල්ලීමක් කරනවා.

ඊයේ දිනයේ දී තායිවානය අවට ගුවන් කලාපයේ චීන හමුදාවට අයත් ගුවන් යානා 103ක් නිරීක්ෂණය වු බව තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

එමෙන්ම නාවික හමුදාවට අයත් නෞකා 9ක් ද සොයා ගෙන තිබෙනවා. තායිවාන සමුද්‍ර සන්ධිය හරහා ගමන් ගන්නා ගුවන් යානා 40ක් ද නිරීක්ෂණ කළ බවයි තායිවානය පෙන්වා දෙන්නේ.

තම රට ස්වාධීන රාජ්‍යයක් ලෙස ක්‍රියාත්මක බැවින් අනවශ්‍ය අත පෙවීම් සිදු නොරකන්නැයි තායිවානය මීට පෙර ද ඉල්ලීමක් කර තිබුණා.

කෙසේ වෙතත් චීනය තවදුරටත් පවසන්නේ තායිවානය තම රටට අයත් කොටසක් බැවින් හමුදාමය මැදිහත් වීම් දිගින් දිගටම සිදුකරන බවයි.

hasiniek
By hasiniek සැප්තැම්බර් 18, 2023 14:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්