ජගත් මහ මණ්ඩල සැසිය අද ඇරඹෙයි
Related Articles
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරය අද ආරම්භ වීමට නියමිතයි. මෙවර සැසිය ලබන 21 වනදා දක්වා පැවැත්වෙනවා.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය මෙවර පැවැත්වෙන්නේ 2030 න්‍යාන පත්‍රය වෙනුවෙන් සාමය, සෞභාග්‍ය, ප්‍රගතිය සහ තිරසර භාවය මත පදනම්ව සංවර්ධන ඉලක්ක ජය ගැනීමේ ක්‍රියාමාර්ග වේගවත් කිරීම සදහා විශ්වාසය යළි ගොඩනැගීම සහ ගෝලීය සහයෝගීතාව යළි ඇති කිරිම යන තේමාව යටතේයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරය ඇමතීමට නියමිතව ඇත්තේ ලබන 21ක් වනදායි.
මීට සමගාමිව රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය නායකයන් කිහිපදෙනෙකු සමග ද ද්විපාර්ශික සාකච්ඡා පවත්වනු ඇති. එහිදි ජනාධිපතිවරයා සමුද්‍රීය ජාතීන් සදහා වන ඉන්දු ෆැසිපික් දූපත් රාජ්‍ය අතර සංවාදය සදහා ද එක් වීමට නියමිතයි.