fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සුඩාන ගැටුම් හේතුවෙන් කාර්ටූම් අගනුවර උසම ගොඩනැගිල්ල ගිනි ගෙන විනාශ වෙයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 18, 2023 08:48

සුඩාන ගැටුම් හේතුවෙන් කාර්ටූම් අගනුවර උසම ගොඩනැගිල්ල ගිනි ගෙන විනාශ වෙයි

සුඩාන ගැටුම් හේතුවෙන් කාර්ටූම් අගනුවර උසම ගොඩනැගිල්ල ගිනි ගෙන විනාශ වුණා.

සුඩාන හමුදාව සහ ප්‍රතිවාදී කණ්ඩායම් අතර දරුණු සටනකින් පසු සුඩානයේ අගනුවර ගොඩනැගිලි මෙසේ ගිනිගෙන විනාශ වී තිබෙනවා .අන්තර්ජාලයේ පළ කරන ලද වීඩියෝ පටවලින් පෙන්නුම් කළේ කාර්ටූම්හි ග්‍රේටර් නයිල් පෙට්‍රෝලියම් තෙල් සමාගම් කුළුණ ගින්නෙන් විනාශ වී ඇති බවයි.

මෙය සැබවින්ම දරා ගැනීමට අපහසුය යනුවෙන් ගොඩනැගිල්ලේ ගෘහ නිර්මාණ ශිල්පියෙකු වන ටග්‍රීඩ් අබ්දීන් ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කර තිබුණා.

පසුගිය අප්‍රේල් මාසයේ සටන් ආරම්භ වූ දා සිට කාර්ටූම් සහ අනෙකුත් නගරවලට ගුවන් ප්‍රහාර එල්ල වූ අතර ගොඩබිම් සටන් ද අඛණ්ඩව පැවතුණා. ඒ හේතුවෙන් මිලියනයකට අධික පිරිසක් රට හැර ගොස් ඇති බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ.

නයිල් නදිය ආසන්නයේ පිහිටා ඇති තට්ටු 18 කින් යුත් තෙල් සමාගමකට අයත් ගොඩනැගිල්ලකුයි මෙසේ විනාශ වුණේ. ඉන් සිදුවූ තුවාල හෝ මරණ කිසිවක් වාර්තා වී නැහැ.

සුඩානයේ ප්‍රචණ්ඩ ක්‍රියා අප්‍රේල් 15 වන දින ආරම්භ වූ අතර ඊට මුල් වුයේ සුඩාන හමුදා නායකයින් සහ පැරාමිලිටරි වේගවත් ආධාරක බලකාය (RSF) අතර බල අරගලයයි.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 18, 2023 08:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්