fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාසල් විධිමත්ව සංවර්ධනය කිරීමේ ප්‍රධාන සැලැස්මට බස්නාහිර පළාත් සභාවේ අනුමැතිය

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 17, 2023 12:01

පාසල් විධිමත්ව සංවර්ධනය කිරීමේ ප්‍රධාන සැලැස්මට බස්නාහිර පළාත් සභාවේ අනුමැතිය

නූතන ලෝකයට ගැළපෙන පරිදි පාසල් විධිමත්ව සංවර්ධනය කිරීමේ ප්‍රධාන සැලැස්මට බස්නාහිර පළාත් සභාවේ අනුමැතිය හිමි වුණා.

නියමු ව්‍යාපෘතිය මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් 3ක් මූලික කරගනිමින් ක්‍රියාත්මක කිරීමටයි කටයුතු යොදා ඇත්තේ.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන අධිකාරිය මගින් මෙම පාසල් වධිමත්ව සංවර්ධනය කිරීමේ සැලැස්ම සකස් කර තිබුණා.

ඊට බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක මහතාගේ අනුමැතියද මීට පෙර හිමිව තිබුණා.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් බස්නාහිර පළාත් සභා ශ්‍රවනාගාරයේ පැවති සාකච්ඡාවකදී මීට අනුමැතිය හිමි වූ අතර මෙම සංවර්ධන සැලසුම වසර පහකට වරක් යාවත්කාලීන කිරීමටද නියමිත බවයි අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 17, 2023 12:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්