වැලිගම හෝටලයකට ගිනි තබා එම ගින්නට පැනීමෙන් තුවාල ලබා සිටි ඊජිප්තු ජාතිකයා මියයයි
Related Articles
වැලිගම ප්‍රදේශයේ ලැගුම් හලකට ගිනි තබා එම ගින්නට පැනීමෙන් බරපතළ තුවාල ලබා සිටි ඊජිප්තු ජාතිකයා ජීවිතක්ෂයට පත් වුණා.
වැලිගම ප්‍රදේශයේ පිහිටි ලැගුම්හලක රැඳී සිටි මෙම විදෙස් ජාතිකයා එහි හිමිකරු සමඟ ඇති කර ගත් ආරවුලකින් පසු තියුණු ආයුධයකින් හිමිකරුට පහර දී ඔහු රැදී සිටි කාමරයට ගිනි තබා තිබුණා.
පසුව එම ගින්නට පැනීමෙන් මෙම ඊජිප්තු ජාතිකයා බරපතල පිළිස්සුම් තුවාල ලැබූ අතර ඔහු මාතර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි මෙසේ මියගොස් ඇත්තේ.
ඔහුගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ඥාතීන් පැමිණීමෙන් අනතුරුව සිදු කිරීමට නියමිතයි.