fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කාන්තාවන් දෙදෙනෙකු මැලේසියාවට යැවීමට උත්සාහ කළ පෙර පාසල් ගුරුවරියක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 17, 2023 11:53

කාන්තාවන් දෙදෙනෙකු මැලේසියාවට යැවීමට උත්සාහ කළ පෙර පාසල් ගුරුවරියක් අත්අඩංගුවට

සංචාරක වීසා මත කාන්තාවන් දෙදෙනෙකු මැලේසියාවේ ගෘහ සේවයට යැවීමට උත්සාහ කළ බගවන්තලාව ප්‍රදේශයේ පෙර පාසල් ගුරුවරියක අත්අඩංගුවට ගෙන තිබෙනවා

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් මෙම පෙර පාසල් ගුරුවරිය අත්අඩංගුවට ගනු ලැබුවේ අදාළ කාන්තාවන් දෙදෙනා මැලේසියාවට යැවීමට ගත් උත්සාහය පිළිබඳ සිදුකළ විමර්ශනවලින් අනතුරුවයි.

අදාළ කාන්තාවන් දෙදෙනා සංචාරක වීසා මත මැලේසියාවේ ගෘහ සේවයට යාම සඳහා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරින් විසින් ඔවුන් ආපසු හරවා යැවීමට කටයුතු කළා.

ඔවුන් දෙදෙනා මැලේසියාවට යැවීමට පැමිණ සිටි පෙර පාසල් ගුරුවරියේ සහෝදරයා අදාළ නිලධාරීන් වෙත අත්අංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුවයි මෙම ජාවාරම කළ පෙර පාසල් ගුරුවරිය අත්අඩංගුවට ගනු ලැබුවේ.

එම කාන්තාව හැටන් වැඩ බලන මහේස්ත්‍රාත් එන් විනායගමූර්ති මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැරුණා.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 17, 2023 11:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්