වන්නියාගම රක්ෂිතයේ ගින්නකින් අක්කර 15ක් විනාශ වෙයි
Related Articles
පුත්තලම සාලියවැව වන්නියාගම රක්ෂිතයේ ඇතිවූ ගින්නෙන් අක්කර 15ක් පමණ විනාශයට පත්ව තිබෙනවා.
සාලියවැව පොලීසිය ප්‍රදේශවාසින් සහ වන සංරක්ෂණ නිලධාරීන් එක්ව පැය 4ක පමණ මෙහෙයුමකින් පසු ගින්න නිවාදමා තිබෙනවා.
මේ දිනවල එම ප්‍රදේශයේ පවතින වියළි කාලගුණය හේතුවෙන් ගින්න ශීඝ්‍රයෙන් පැතිර ගොස් තිබෙනවා.
හසලක උඩත්තව ඉත්තෑගලතැන්න රක්ෂිතයේ ද ගින්නක් හටගත්තා.
ඉන් අක්කර 10ක් පමණ විනාශයට පත්ව ඇති බවයි හසලක පොලීසිය ප්‍රකාශ කළේ.
බුත්තල දික්ගල කන්දේ ඇතිවූ ගින්නකින් ද අක්කර 10ක භූමියක් විනාශයට පත්වුණා.
පොලීසිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් මෙන්ම යුද හමුදා නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් ගින්න පාලනය කර තිබෙනවා.