හාලිඇල ප්රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට දී අද අලුයම වෑන් රථයක් තාප්පයක ගැටීමෙන් එකම පවුලේ 6 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
තුවාල කරුවන් බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බවයි හාලිඇල පොලීසිය පවසන්නේ.
බණ්ඩාරවෙල ප්රදේශයේ පදිංචි පිරිසක් මෙසේ තුවාල ලබා ඇති අතර , මොවුන් ලුණුගල නෑදෑ නිවසකට ගොස් ආපසු බණ්ඩාරවෙල බලා යමින් සිටියදීයි මෙසේ අනතුරට ලක්ව ඇත්තේ.
අනතුරින් පියා, මව , දියණියන් තිදෙනකු සමඟ පියාගේ සහෝදරියක තුවාල ලබා ඇති බවත් , මොවුන්ගේ තත්ත්වය තරමක් බරපතළ බවත් රෝහල් ආරංචි මාර්ග පවසනවා.