ආසියානු කුසලානයේ අවසන් ගැටුම අදයි
Related Articles
පකිස්තානයට එරෙහිව කඩුලු 2 ක තියුණු ජයග්‍රහණයක් ලබමින් ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකාව එම කුසලානය දිනා ගැනීමේ අටියෙන් ඉන්දියාව සමඟ අද සටනට පිවිසෙනවා.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද ප.ව. 3.00 ටයි තරඟය ආරම්භ වීමට නියමිතව ඇත්තේ.
ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට ආසියානු කුසලානය 6 වතාවක් ජයග්‍රහනය කර ඇති අතර ඉන්දියාව 7 වතාවක් එහි ශූරයන් වී තිබේ.
අද තරගය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ හොත් ඉන්දියාව සමග ශූරතාවය දිනු අවස්ථා ගණන සමාන වනු ඇති.
16 වැනි වරට පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය සඳහා ශ්‍රී ලංකාව මෙවර සුදුසුකම් ලබා තිබෙන්නේ එකොළොස් වැනි වතාවටයි.