කාන්තාවන් දෙදෙනෙකු ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වලංගු රැකියා ඇනවුමක් නොමැතිව විදේශගත කරවීමට උත්සාහ කළ, බගවන්තලාව ප්රදේශයේ පෙරපාසල් ගුරුවරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම කාන්තාවන් දෙදෙනාව මැලේසියාව වෙත සංචාරක වීසා මත යැවීමටයි ඇය උත්සාහ කර තිබෙන්නේ.
අදාල සැකකාරිය ඊයේ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට තිබුණා.
මෙහිදී එම කාන්තාවන් දෙදෙනා මැලේසියාවේ ගෘහ සේවයට යැවීම සඳහා ගුවන්තොටුපොළින් පිටත් කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී පෙරපාසල් ගුරුවරියගේ සහෝදරයා අත්අඩංගුවට ගෙන සිදු කළ විමර්ශනයකින් අනතුරුව පෙරපාසල් ගුරුවරිය අත්අඩංගුවට ගැනුණා.
සැකකාරිය හැටන් වැඩබලන මහෙස්ත්රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 05ක ශරීර ඇපයක් මත මුදා හැරීමට නියෝග කෙරුණි.
ඇයට මෙම මස 18 වනදා මීගමුව මහෙස්ත්රාත් අධිකරණය හමුවේ පෙනීසිටින ලෙසද නියෝග කර තිබෙනවා.