fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සුළි කුණාටුවක් නිසා චීනය කිලෝ 50ට අඩු පුද්ගලයින්ට පිටතට පැමිණීම තහනම් කරයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 17, 2023 05:44

සුළි කුණාටුවක් නිසා චීනය කිලෝ 50ට අඩු පුද්ගලයින්ට පිටතට පැමිණීම තහනම් කරයි

ගුවැන්ඩොං පළාතේ පරිපාලන නිලධාරීන් විසින්, චීනයේ ගුවැන්ඩොං පළාතට බලපෑ ප්‍රචණ්ඩ saola සුළි කුණාටුව නිසා කිලෝ 50ට අඩු පුද්ගලයින්ට පිටතට පැමිණීම තහනම් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, දකුණු චීනයේ ගුවැන්ඩොං පළාතට Saola Typhon සුළි කුණාටුව හටගෙන ඇති අතර ඒ නිසා එක් අයෙකු මිය ගොස් තිබෙන බවයි.

හොංකොං හි ආසියානු මූල්‍ය කේන්ද්‍රස්ථානය සහ චීනයේ ජනාකීර්ණ පළාතක් වන Guangdong නගරයේ සිකුරාදා ගුවන් ගමන් සිය ගණනක් අවලංගු කර ඇති අතර Saola කුණාටුව පැමිණීමත් සමග ව්‍යාපාර, පාසල් සහ වෙළඳපොලවල්ද වසා දමා තිබෙනවා.

එමෙන්ම මේ වනවිට බර කිලෝග්‍රෑම් 50 ට අඩු පුද්ගලයින්ට ගෘහස්ථව සිටින ලෙසත් රජය උපදෙස් දී තිබෙනවා.

ඊට හේතුව ලෙස පෙන්වා දෙන්නේ කුණාටුව අතරවාරයේ එළියට පැමිණෙන තරුණියක් සැඩ සුළඟට ගසාගෙන යාමයි.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 17, 2023 05:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්