කැළණි ගඟ හරහා වැටී ඇති පෞරාණික යටියන්තොට ගරාගොඩ පාලම වෙනුවට නව පාලමක් ඉදිකිරීමේ කටයුතු අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා.
වසර 120ක් පමණ පැරණි පාලම දිරාපත් වීම හේතුවෙන් ඒ මතින් බරවාහන ධාවනය මීට වසර දෙකකට පමණ පෙර සිට තහනම් කර තිබෙනවා. එම පාලමෙන් ගමන් කිරීමට අවසර ලබා දී ඇත්තේ ත්‍රී රෝද රථ, යතුරුපැදි හා පදිකයන්ට පමණයි. මේ හේතුවෙන් මීගස්තැන්න මාගම්මන ආදී ගම්මාන රැසක වතු කම්කරුවන් දැඩි දුෂ්කරතාවකට ලක්වුණා. ඒ අනුවයි නව පාලම ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර ඇත්තේ.
ඒ සදහා රුපියල් මිලියන 465 ක් වැය කෙරෙනවා. මුදල් අමාත්‍යාංශය මෙන්ම සබරගමුව පළාත් සභාව ඊට ප්‍රතිපාදන සපයනවා. දේශපාලන නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.