fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රියදුරු බලපත්‍ර මුද්‍රණ කටයුතු යළි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 16, 2023 16:54

රියදුරු බලපත්‍ර මුද්‍රණ කටයුතු යළි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට

මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පරිදි රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ කටයුතු යළිත් එම දෙපාර්තමේන්තුව වෙත භාර දීමට ශ්‍රී ලංකා යුද හමුදාව කටයුතු කර තිබෙනවා.

කැබිනට් තීරණයකට අනුව 2021 ජනවාරි 01 දා සිට රියදුරු බලපත්‍ර මුද්‍රණ කටයුතු යුද හමුදාව වෙත භාරදී තිබුණා. මෙම ව්‍යාපෘතිය භාර ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා යුද හමුදාව රියදුරු බලපත්‍ර දසලක්ෂ විසි දෙදහස් හත්සිය හැට තුනක් මුද්‍රණය කර තිබෙනවා.

කෙසේ වෙතත් රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ කටයුතු ඇතුළුව දිවයින පුරා ඇති මාර්ගගත රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ මධ්‍යස්ථාන දහයේ සහ මාර්ග අපගත මධ්‍යස්ථාන පහලොවට අදාළ සියලුම රජකාරී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පරිදි නැවත එම දෙපාර්තමේන්තුව වෙත භාරදීමට ශ්‍රී ලංකා යුද හමුදාව කටයුතු කර තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 16, 2023 16:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්