අද (16) උදෑසන කටුගස්තොට පොලිස් වසමේ මැණික්කුඹුර අඩිපාර ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී මනුෂ්‍ය ඝාතනයක් සිදු කර තිබෙනවා.
මියගොස් ඇත්තේ, වයස අවුරුදු 56ක මැණික්කුඹුර, අඩිපාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මරණකරු තම බිරිඳ විදේශගත ව සිටින බැවින් නිවසේ තනිවම ජීවත් වී ඇත.
නිවසේ ආරක්ෂාව සඳහා යොදවා සිටින පෞද්ගලික ආරක්ෂක සේවයකට අයත් ආරක්ෂක නිලධාරියකු විසින් තියුණු ආයුධයකින් පහර දී මෙම ඝාතනය සිදු කර ඇති බව වාර්තා වේ.