රුසියාව සමඟ පවතින යුද්ධය හේතුවෙන් යුක්රේන නගර දෙකක ප්‍රධාන ඓතිහාසික ස්ථාන විනාශ වීමේ අවදානමකට ලක්ව ඇති බව යුනෙස්කෝ ආයතනය පවසනවා.
මධ්‍යතන යුගයට අයත් කියෙව් අගනුවර පිහිටි ශාන්ත සොෆියා ආසන දෙව්මැදුර සහ පෙචර්ස්ක් ලැව්රා ආරාම භූමියේ ගොඩනැගිලි ද ඊට ඇතුළත්.
අවදානමට ලක්ව ඇති බටහිර එල්විව් නගරයේ ඓතිහාසික මධ්‍යස්ථානය ද යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ද ඇතුළත් කර තිබෙනවා.
රුසියා යුක්රේන යුද්ධය හේතුවෙන් ඇතිවිය හැකි තර්ජන වලට මුහුණ දීමට නම් මෙම ස්ථාන ආරක්ෂා කළ යුතු බවයි යුනෙස්කෝව පෙන්වා දෙන්නේ.
බෝම්බ හෙලීමෙන් ඇති වන කම්පන තරංගවලට ද මෙම ගොඩනැගිලි මුහුණ දෙනවා.
කෙසේ වෙතත් කියෙව්හි ශාන්ත සොෆියා ආසන දෙව්මැදුරට මෙතෙක් ගුවන් ප්‍රහාර එල්ල වී නැහැ.
මෙය යුනෙස්කෝ අනතුරුදායක ලැයිස්තුවට එක් කෙරුණේ පසුගිය ජනවාරි මාසයේදී යුක්රේන වරාය නගරයක් වන ඔඩේසා එකතු කිරීමෙන් පසුවයි.