fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ හමුවක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 16, 2023 14:57

විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ හමුවක්

විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ හමුවක් එම අමාත්‍යාංශයේ දී පැවැත්වුණා. ඒ එම මණ්ඩලයේ ඉහළ කළමනාකාරීත්වය සමගයි.

ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලේ යාන්ත්‍රණය, ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන විදුලිබල ක්ෂේත්‍රයේ නව ආකෘතිය, ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්‍යංශයේ අරමුණ සහ වගකීම, සංක්‍රාන්තිය කාල සීමාව, සේවකයන් සහ භෞතික සම්පත් අනුගතකිරීමේ ක්‍රියාවලිය, උත්පාදනය, සම්ප්‍රේෂණය හා බෙදාහැරීමට  වෙන්වූ සමාගම් ස්ථාපනය කිරීම වැනි කරුණු සම්බන්ධයෙන්  දැනුවත් කිරීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණයි.

මෙම අවස්ථාවට විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා, සාමාන්‍යධිකරිවරයා, ඇතුළු නිලධාරීන් රැසක් එක්ව සිටියා.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 16, 2023 14:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්