fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආහාර ලබාදීම ප්‍රමාද වුවහොත් අග්බෝ නොසන්සුන් වෙයි 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 16, 2023 13:59

ආහාර ලබාදීම ප්‍රමාද වුවහොත් අග්බෝ නොසන්සුන් වෙයි 

තවමත් සුවය ලබා නැති අග්බෝ හස්තියා බොහෝවිට නොසන්සුන්කාරී ලෙස හැසිරෙන බව අප වාර්තාකරු සඳහන් කරනවා.

බදින තුවක්කුවක් පත්තුවීමෙන් වම් පාදයේ තුවාල ලබා ඇති අග්බෝ හස්තියාට අඛණ්ඩව ප්‍රතිකාර  ලබාදීම සිදුකරනවා.

වම් පාදයේ ඉදිමුම් තත්ත්වය අඩුවුවද තුවාල මෙතෙක් සුව වී නැහැ.

අග්බෝ තිරප්පනය වන්නම්මඩුව රක්ෂිතය අවට මේ දිනවල සැරිසරනවා.

අග්බෝට අවශ්‍ය ආහාර ඖෂධ මෙන්ම ආරක්ෂාව ලබාදීමට වනජීවී නිලධාරීන් ක්‍රියාකරනවා.

ආහාර ලබාදීමට ප්‍රමාදයක් සිදුවුවහොත් අග්බෝ නොසන්සුන්කාරී ලෙස හැසිරෙන ආකාරය දැකගත හැකියි.

මේ අතර මහවැලි ගගේ අතු ගංගාවක් වන මනල්ආරුවේ එරී සිටින වන අලි මවකගේ ජීවිතය බේරා ගැනීමට වනජීවී නිලධාරීන් මහත් පරිශ්‍රමයක නිරත වනවා.

එම වන අලි මව හා කුඩා පැටවා මඩේ එරී සිටියදී ප්‍ර දේශවාසීන් එය දැක වනජීවී නිලධාරීන්ට දැනුවත් කිරීමත් සමඟ ගලවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කෙරුණා.

අලි පැටවාගේ ජීවිතය බේරා ගැනීමට මේ වන විට හැකිවුණා.

සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ සිට බීමට ජලය සොයා පැමිණි අවස්ථාවේදී අලි මව හා පැටවා මෙසේ මඩ ගොහොරුවක එරී තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 16, 2023 13:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්